Posts

Showing posts from February, 2018

යහපත් ආකල්ප සංවර්ධනය – සමාජ ප්‍රගමනයට

යහපත් ආකල්ප සංවර්ධනය – සමාජ ප්‍රගමනයට!   March 5, 2016   admin    0 Comments දවසක් නිමා වී දවසක් උදා වන විට ලෝකයේ සංවර්ධනය ගවු ගණනක් දුර ගොසින්ය. අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි, අන්තර්ජාල, ස්මාර්ට් ෆෝන්, න්‍යෂ්ටික අවි ආදී නොයෙක් ක්‍ෂේත‍්‍රයන් සංවර්ධනයේ ඉහළම ඵල නෙලා ගනිමින් ඇත. එහෙත් මිනිසාගේ සිිතුම් පැතුම්, ආකල්ප මෙම භෞතික සංවර්ධනයන් සමඟ බැදී සාර්ථක ප‍්‍රතිඵල ලබා ගෙන ඇද්දැයි විමසා බලනු වටී. සිතුම් පැතුම්, ආකල්ප යනු පුද්ගල සමාජය තුල පුද්ගල කාර්ය භාරයක් හිමි වන්නා සේම අතිශය වැදගත් ම අංගයකි. ආකල්ප මිනිසා මිිනිසෙකු ලෙස ජීවත් කරනවා යැයි කීම වඩාත් නිවැරදි ය. ආකල්ප මිනිස් පෞරුෂය කෙරෙහි ද විවිධ අයුරින් බලපෑම් ඇති කරයි. පුද්ගලයාගෙන්, පුද්ගලයාට මුහුණ දෙන අවස්ථා හා එහි ස්වභාවය, සමාජ වටපිටාව මත ආකල්ප වෙනස් වන්නකි. අප නොදැනුවත්ව ම මේ ආකල්ප මගින් අපගේ ජීවිතය පාලනය කරයි. මිනිස් ආකල්ප සංවර්ධනය කළ යුත්තේ කුඩා අවදියේ පටන් ය. මෙයට දිය හැකි සරල නිදසුනක් එක්වර ම මතකයට නැගුණි. ජපානයේ සියලුම පාසල් දූ දරුවන් ඔවුන් එදිනෙදා භාවිතා කරන වැසිකිළිය මසකට වරක් හෝ දෙවරක් පිරිසිදු කළ යුතුය. මෙය පළමු ශ්‍රේණ