Posts

Showing posts from November, 2017
ළමා උපදේශනය ළමා උපදේශනය සදහා දරුවා යොමු කල යුතු අවස්ථා: • Problems in feelings and emotions -  චිත්තවේග සහ හැගීම් තුල ගැටළුකාරී තත්වයන් • Educational disability, less attention -  අධ්‍යාපන දුබලතා, අඩු අවධානය • School and examination fear -  පාසැල් සහ විභාග භීතිය • Drug addiction -  මත්ද්‍රව්‍ය කරා යොමු වීම • Temptation to steal-  සොරකම් කිරීමට පෙලඹීම • Always lying or angry-  නිතර බොරු කීම හෝ තරහෙන් සිටීම • Disturbing to their teachers -  ගුරුවරුන්ට බාධා කිරීම • Violent behavior -  ප්‍රචණ්‌ඩ හැසිරීම් රටා • Many physical diseases -  නොයෙකුත් කායික රෝග • Abnormal sexual behavior -  අසාමාන්‍ය ලිංගික චර්යා තව ද ළමයින් ගේ පෞරුෂ වර්ධනය පිළිබඳව සැලකීමේ දී ඔවුනට ඇති වන මානසික රෝග පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේ එම මානසික රෝග ඔවුන් ගේ අනාගතයට ද අනිසි බලපෑම් සිදු කළ හැකි බැවිනි. ළමා භින්නොන්මාදයේ ( Childhood Schizophrenia),  ළමා විශාදය ( Childhood depression),  ළමා පශ්චාත් ව්‍යසන ක්‌ලමථ අක්‍රමතාව ( Childhood post traumatic stress disorder),  මන්දහීනතාව (

විශාදය නමි මානසික රෝගය හදුනා ගනිමු

Image
විශාදය නමි මානසික රෝගය හදුනා ගනිමු ------------------------------------------- මානසික රෝග අතර ඉතා සුලභව දැකිය හැකි පීඩාකාරි අසහනකාරි රෝගයක් නමි විශාදයයි.මෙම රෝගයෙන් පෙලෙන පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පවා පෙලඹෙ.සිය දිවි නසා ගන්නා පුද්ගලයන්ගෙන් 15% පමන විශාදයෙන් පෙලි සිට ඇත.විශාදය රෝගය වැලදි ඇති පුද්ගලයන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නේ 30% පමන සුලු පිරිසකි. 70% පමන ප්‍රතිකාර ලබා නොගනි.රෝගය පිලිබද අවබෝධයක් තමාට හෝ පවුලේ අනෙත් අයට නොමැති වීම මෙ සදහා හේතු විය හැක.මෙම රෝගය සදහා පහසුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමෙ හැකියාවද ඇත. විශාද රෝගයෙහි ප්‍රධාන වශයෙන් දැකිය හැකි ලක්ෂණ තුනකි. 1- දිගින් දිගටම පවතින දුක 2- ශරිරයට දැනෙන අප්‍රාණික බව 3- සිතට සතුටක් නැති බව දැනීම මෙම ප්‍රධාන රෝග ලක්ෂන වලට අමතරව තවත් රෝග ලක්ෂණ හතක් දැකිය හැක. 1- අවධානය යොමු කිරිමට නොහැකි වීම හා අමතක වීම 2- අනාගතය ගැන බලාපොරොත්තුවක් නොමැති වීම 3- ආත්ම ශක්තිය අඩුවීම 4- සියදිවි හානි කර ගැනීමට සිතීම 5- නින්ද නොයාම   6- ආහාර ගැනීම එපා වීම 7- තමන් වරදකාරයෙක් යයි නිතරම සිතිම. ඉහත දැක්වෙන්නේ විශාද රෝගි තත්ත්වයේ පොදු ලක්ෂණ ක