ළමා උපදේශනය

ළමා උපදේශනය සදහා දරුවා යොමු කල යුතු අවස්ථා:

Problems in feelings and emotions - චිත්තවේග සහ හැගීම් තුල ගැටළුකාරී තත්වයන්
Educational disability, less attention - අධ්‍යාපන දුබලතා, අඩු අවධානය
School and examination fear - පාසැල් සහ විභාග භීතිය
Drug addiction - මත්ද්‍රව්‍ය කරා යොමු වීම
Temptation to steal- සොරකම් කිරීමට පෙලඹීම
Always lying or angry- නිතර බොරු කීම හෝ තරහෙන් සිටීම
Disturbing to their teachers - ගුරුවරුන්ට බාධා කිරීම
Violent behavior - ප්‍රචණ්‌ඩ හැසිරීම් රටා
Many physical diseases - නොයෙකුත් කායික රෝග
Abnormal sexual behavior - අසාමාන්‍ය ලිංගික චර්යා


තව ද ළමයින් ගේ පෞරුෂ වර්ධනය පිළිබඳව සැලකීමේ දී ඔවුනට ඇති වන මානසික රෝග පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේ එම මානසික රෝග ඔවුන් ගේ අනාගතයට ද අනිසි බලපෑම් සිදු කළ හැකි බැවිනි. ළමා භින්නොන්මාදයේ (Childhood Schizophrenia), ළමා විශාදය (Childhood depression), ළමා පශ්චාත් ව්‍යසන ක්‌ලමථ අක්‍රමතාව (Childhood post traumatic stress disorder), මන්දහීනතාව (Mental retardation), ඕටිසම් දරුවන් (Autism), කථන ගැටලු, භීතිකාවන් (Phobias) ආදී මානසික රෝගී තත්ත්වයන් ළමා අවධියේ සිට ම විවිධ ආකාරයෙන් පැවතිය හැකි බැවින් නිසි කල නිසි මනෝවෛද්‍ය ප්‍රතිකාර මෙන්ම උපදේශන ලබා දීම අත්‍යවශ්‍ය වේ. එසේ නො වීමෙන් දරුවන් සියදිවි නිසා ගැනීම, අධ්‍යාපනික බිඳ වැටීම් ආදී අහිතකර තත්ත්වයන්ට ගොදුරු විය හැකි ය

Comments

Popular posts from this blog

ආචාරධර්ම යනු

යහපත් ආකල්ප සංවර්ධනය – සමාජ ප්‍රගමනයට

සදාචාරාත්මක මූලධර්ම