විශාදය නමි මානසික රෝගය හදුනා ගනිමු

විශාදය නමි මානසික රෝගය හදුනා ගනිමු

-------------------------------------------
මානසික රෝග අතර ඉතා සුලභව දැකිය හැකි පීඩාකාරි අසහනකාරි රෝගයක් නමි විශාදයයි.මෙම රෝගයෙන් පෙලෙන පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පවා පෙලඹෙ.සිය දිවි නසා ගන්නා පුද්ගලයන්ගෙන් 15% පමන විශාදයෙන් පෙලි සිට ඇත.විශාදය රෝගය වැලදි ඇති පුද්ගලයන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නේ 30% පමන සුලු පිරිසකි.70% පමන ප්‍රතිකාර ලබා නොගනි.රෝගය පිලිබද අවබෝධයක් තමාට හෝ පවුලේ අනෙත් අයට නොමැති වීම මෙ සදහා හේතු විය හැක.මෙම රෝගය සදහා පහසුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමෙ හැකියාවද ඇත.
විශාද රෝගයෙහි ප්‍රධාන වශයෙන් දැකිය හැකි ලක්ෂණ තුනකි.
1-
දිගින් දිගටම පවතින දුක
2-
ශරිරයට දැනෙන අප්‍රාණික බව
3-
සිතට සතුටක් නැති බව දැනීම
මෙම ප්‍රධාන රෝග ලක්ෂන වලට අමතරව තවත් රෝග ලක්ෂණ හතක් දැකිය හැක.
1-
අවධානය යොමු කිරිමට නොහැකි වීම හා අමතක වීම
2-
අනාගතය ගැන බලාපොරොත්තුවක් නොමැති වීම
3-
ආත්ම ශක්තිය අඩුවීම
4-
සියදිවි හානි කර ගැනීමට සිතීම
5-
නින්ද නොයාම 
6-
ආහාර ගැනීම එපා වීම
7-
තමන් වරදකාරයෙක් යයි නිතරම සිතිම.
ඉහත දැක්වෙන්නේ විශාද රෝගි තත්ත්වයේ පොදු ලක්ෂණ කීපයයි.දෛනික වැඩ කටයුතු පවා කර ගැනීමට නොහැකි වන ආකාරයෙන් සති දෙකක් හො වැඩි කාලයක් දිගින් දිගටම පවතින දොමිනසින් කල කිරිමෙන් පසු වෙනමි එය විශාද තත්ත්වය ලෙස හදුනා ගත හැක.මෙහිදි ප්‍රතිකාර ගැනීම අනිවාර්ය වෙ.මෙම රෝගය ඔනම පුද්ගලයකුට වැලදිය හැක.විශාදය හදුනා ගත හැකි තවත් ලක්ෂන කිපයක් මෙසේය
කලකිරිම-සෝකය-දොමිනසින් කල් ගෙවිම-සාමාන්‍ය වැඩකටයුතු කෙරෙහි ඇති උනන්දුවක් සතුටක් නොමැති වීම-වැඩකල නොහැකි අපහසු හා පීඩාකාරි බවක් දැනීම-කුඩා ප්‍රශ්නයක් වුවද මහත් ගැටලුවක් සේ සැලකීම-අමතක වන බව සිහිකල්පනාව අවධානය අඩුබව-තමන් කිසි ප්‍රයෝජනයක් නැති වැඩකට නැති අයකු සේ සැලකීම-අතීතය ගැන නිතර පසුතැවිලි වීම-ස්වාධින තිරණයක් ගත නොහැකි අසරණයකු යයි දැනීම.අසුබවාදි සිතිවිලි වල පැටලීම-අනාගතය කෙරෙහි බලපොරොත්තු නැති වීම සමග ඇතිවන ජීවිතය එපා වීම.
මෙවනි බොහෝ රෝගි ලක්ෂණ තවත් ඇත.අප මෙහි සදහන් කර ඇත්තේ ප්‍රදාන වශයෙන් දැකිය හැකි ලක්ෂණයන්ය.අපේ ජීවිත කාලයේදි සැම පිරිමි 10 දෙනෙකුගෙන් එක් අයකුටද කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක් අයකුටද මෙම රෝගි ත්තත්වය වැලදි ඇත.මෙ නිසාම මෙය සුලභ රෝග තත්ත්වයකි.අවුරැදු 20-40 අතර කාලයේදි මෙම රෝගය බොහෝ සෙයින් වැලදෙන බව සොයාගෙන ඇත.
විශාදය ඇතිවීම සදහා බලපාන හේතු සාධක මොනවාද
මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක සාධක
ජිවිත කාලය තුල යමි යමි දේ අහිමි වීමෙන් බලාපොරොත්තු ප්‍රාර්ථනා බිදි යාමෙන් ඇතිවන මානසික පිඩා.ජිවිතයේ බොහෝකරදර බාධකවලට ගොදුරැ වීමෙන් ඇතිවන මානසික පීඩා.මුලික අවශ්‍යතා සපුරා ගැනීමට යාමෙදි ඇතිවන ආර්ථික ගැටලු රැකියා නොමැතිකම වැනි ප්‍රශ්න නිසා ඇතිවන මානසික අසහනය.බරපතල ලිංගික අතවරයන්ට මුහුන දීම.පවුල් ජිවිතයේදි විදින්නට සිදුවන අමිහිර වෙදනාකාරි සිදුවීමි සමග ඇතිවන පවුල් ප්‍රශ්න ගැටලු.කුඩා කල සිටම දෙමාපියන් අහිමි වීම ආදරය සෙනෙහස අහිමි වීම.
ජීව විද්‍යාත්මක සාධක
ජානමය බලපෑම.පරමිපරාවෙන් පැමිනීම.වෛරස් ආසාධන.මොළය ආශ්‍රිත රෝග ( මීමැස් මොරය වැනි) වැනි
විශාදය වැලදුන විට එහි ප්‍රතිවිපාක කෙසේ බලැපැ හැකිද
සියලු රෝග අතුරෙන් දෙවැනි තැන ඇති රෝගයකි.වෙනත් මානසික රෝගි තත්ත්වයන්ද වැලදීමෙ අවධානමක් පැවතීම.සිය දිවි නසා ගැනීමෙ ඉඩකඩ වැඩිය.
මෙ සදහා ඇති ප්‍රතිකාර මොනවාද
මාස නවයක පමන කාලයක් ඖෂධ ප්‍රතිකාර ලබා ගැනිමට සිදු වියහැක.සමාජ පසුබිමද සකස් කි
රිම සිදුවිය යුතුය

Comments

Popular posts from this blog

ආචාරධර්ම යනු

යහපත් ආකල්ප සංවර්ධනය – සමාජ ප්‍රගමනයට

සදාචාරාත්මක මූලධර්ම